Entertainment 

කොළොම්බස් ලංකාවේ හිටිය නම් වෙන්න දේ

කොළොම්බස් ලංකාවේ හිටිය නම් කවදාවත් ඇමරිකාව හොයාගන්න වෙන්නේ නැ. අඩුගානේ දෙශගවේශනේ ගැන හිතන්නවත් වෙන්නේ නැ… මොකද කියලා දැන ගන්න කියවලම බලන්නකෝ…😜😜😜😜

බිරිඳ- මේ මම තමුසෙගෙන් අහන්නමයි හිටියේ තමුසෙ හැමදැම හොදට ඇදගෙන කොහෙද යන්නේ?

කොළොම්බස්- නැමේ නෝනේ…

බිරිඳ-නැමේ..නැමේ..කියන්නේ මොනවද..තමුසේ තව නාඩගමක් නටන්නද හදන්නේ?
ඇත්ත කියනවා අර මාලිගාවේ ඉසබෙලා ගැණි එක්ක නෙද ඔය නටන්න හදන්නේ?

කොළොම්බස් -අනේ නැ නොනේ…මම මේ දෙශගවේශනයට යන්න හදන්නේ?

බිරිඳ-දේශගවේශනයට? ඇත්තටම තමුසෙට පිස්සුද? දැන් ඕක ට ගියා කියලා අපිට මොනවද හම්බෙන්නේ? කියනවා බලන්න?

කොළොම්බස් -එහෙම කියන්න එපා නෝනේ..දේශගවේශනේ කොයිතරම් වටිනවද? අලුත් රට රටවල් හොයා ගන්න පුලුවන්…

බිරිඳ-ආ..තමුසේ මේ දෙශගවේශනේ දාගෙන රටවල් ගානේ රවුම් ගහන්න නේද? මම මේ ගේ අස්සට වෙලා රෙදි හෝදනවයි
ළමයි බලා ගන්නවයි..තමුසේ ලොකේ වටේ රවුම් ගහනවා…

කොළොම්බස් -නැ නොනේ මම මේ රටවල් ගානේ යන්නේ නැ??? මම අලුත් රටවල් හොයා ගන්න යන්න හදන්නේ?

බිරිඳ-අනේ මම නොදන්න තමුසෙගේ හැටි…පාන් රත්තලක් ගන්න යැව්වම පාහල තියන සැන්තියාගෝ කාරයගේ බාර් එකෙ කුණු වෙන්න ගහන් එකා..රටවල්ම හොයයි…

කොළොම්බස්- නැ නොනේ මම මෙය යන්නේ අලුත් රටක් හොයා ගන්නම් මයි…

බිරිඳ-රටවල් ඔනි නැ තමුසේ මේ ගෙදරන් අඩියක් තියන්නේ නැ…පොඩි එකා සිසත්වෙ ලබන අවුරුද්දේ? යනව එහෙම නේ …තමුසේ ගියොත් කඩනවා කකුල් දෙකම…

කොළොම්බස්හා- හා..නොනේ…ඔච්චර කියනව නම් මම යන්නේ නැ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...