Local 

නුවර පාරේ ගින්නක්

කළගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද දහවල් කාලයේ මෙම ගින්න ඇතිවී තිබෙන අතර එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගිනි නිවීමේ රථ හා පොලිසිය මැදිහත්වී මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. අවට සිටින පිරිස් එම ස්ථානවලින් ඉවත්කර ඇති අතර ඉන්ධන පිරවුම්හලේ ගෑස්ටැංකිවලටද මෙම ගින්න පැතිරයෑමේ අවධානමක් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එමෙන්ම මේ වන විට ගින්න හේතුවෙන් කොළඹ – නුවර පාරේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා. පොලිසිය ඉල්ලා සිටින්නේ රියදුරන්ට කළගෙඩිහේන මඟහැර අතුරුමාර්ග භාවිතාකරමින් ගමන් ගන්නා ලෙසයි.

උපුටා ගැනීම -citizen.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...