Ancient Entertainment 

කලුතර මහා නුගරුකේ සම්පූර්ණ කතාව

Reading Time: 1 minute

ඇත අතීතයේ කලුතර පිලිබඳව ඉතිහාස තොරතුරු මෙන්ම ජනප්‍රවද තොරතුරු රාශියකින් කලුතර පුරාණය ඔප්නැන්වී ඇත.සු‍රාසුර යුධයෙන් වේලාපුර කලුතර සහ දේශාශ්ත්‍ර කලුතර යනුවෙන් කලුතර කොටස් දෙකකට බෙදුනි. මෙයින් වේලාපුර කලුතර නගර මධ්‍යයේ සිට ගාලු දිශාවට ගමන් කරන කෙනෙකුට එදා ගාලුපාර මැදිකරගෙන හමුවූයේ දැවැන්ත නුග ගසකි.

කලුතර නුග ගසේ පැරණි ඡායාරුපයක්

මෙම නුග ගස හමුවන ස්ථනයයේ කුඩා කඩ මණ්ඩියකි. එදා එම ස්ථානය හැදින්වූයේ නුගේ හන්දිය ලෙසය .පසුව එම ස්ථනය තවත් නාමයකින් වෙට්ටුමකඩය හංදිය ලෙසද එදා ගැමියන් විසින් හැදින් වූහ. එදා සිංහල හා මුස්ලිම් ජනයා වෙට්ටුමකඩ දෙපස ජිවත්වූහ.වෙට්ටුමකඩ හංදිය ප්‍රදේශය ආසන්නයේම තිබුනේ ගාලුපාරේ කලුගංකලපුවට ආසන්නව පිහිටා තිබුණේ මුස්ලිම් පල්ලියයි.

එම භුමි සිමාවේ එක් කොටසක දැවැන්ත නුග ගසේ කඳ සහ මුල් කොටස්ද එයින් බෙදීගිය සෙසු මුල් කොටස ගාලුපාර මැදිකොටගෙන පිහිටා තිබුණි.මෙම නුගස මැදින් දිවගියේ ගාලුපාරයි.මෙම නුග ගස ඉතා සරුවට අතුපතර විහිදී ගිය මුල් පද්ධතිය නිසා මෙහි සුවිශාල බව වැඩිවී තිබුණි.

කලුතර නුග ගස (සිතුවමක්)

නුගගස මැදින් දිව යන ගාලු පාරෙන් ඉදහිට ගමන් කලේ සීමිත වාහන සඛ්‍යාවකි.කොළඹ සිට ගාලුපාර හරහා තට්ටු දෙකේ බස් රථ පවා නොපැමිණියේ මෙම දැවැන්ත නුග ගස නිසාය.කලුතර නුග ගස බ්‍රිතාන්‍ය යුගයේ පාලන සමයේ සිට පැවති ඉතා වැදගත් දැවැන්ත ව්ෘක්ෂයකි.1880 පැවැත්වු ව්ෘක්ශලතා ඡාරුප තරගයකින් කලුතර නුග ගස බ්‍රිතාන්‍යන් විසින් ඡ්‍යාරුප ගතකර කල ඇත.

එපමණැක නොව ශ්‍රි ලංකාවේ තැපැල් දෙපාර්ත මේන්තුවේ මුද්දර කා‍ර්යංශය මගින්ද මෙම නුග ගස මුද්දරයකට ඇතුලත් කර ඇත.ඉතා පැරණි මෙම නුග ගස කලුතර පුරවරයට මහත් අභිමාණයක් ගෙන දෙන්නක් විය.වර්ශ 1968 දී කුමන හෝ ව්ෘක්ෂ රෝගයකින් මෙම නුග ගස විනශවිමේ පෙරනිමිති පහලවිය.සියවස් ගණනක් පැවති කලුතර දැවැන්ත නුග ගස කලුතර පුරවරයේ ජනී ජනයාගේ හද කම්පාකරමින් මහ පොළවට ඇදී එන්නට විය .එවකට පැවති රාජ්‍යපාලකයන්ගේ මැදිහත් වීමෙන් මෙම දැවැන්ත නුග ගස යන්ත්‍රාණු සාරයෙන් කුට්ටි ලෙස කපා එහි කොටස කලුතර කටුකුරුන්ද පැරණි ගුවන් තොටුපලේ ලදු කැලැ ප්‍රදේශයට ගෙන යන ලදි.

මෙම ගස ක්‍රම ක්‍රමකරයෙන් මියයන විට මෙහි අරක්ගෙන සිටි දේවතාවන් විවිධ වර්ණවත් ආලොක ධාරා විහිදුවමින් නුගගසෙන් පිටවී ගිය බව කලුතර, වෙට්ටුමකඩ සහ කටුකුරුන්ද ප්‍රදේශවල ජනී ජනයා රත්‍රියේදී දැක ඇත .විශේෂයෙන් කලුගං මොය සහ මුහුදු අවට රත්‍රිකාලයේ මසුන් මරන ධිවරයන් තම ඔරු ,වල්ලම් වල සිට මෙම සිදුවීම සියසින් දැක ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...