Local Political 

අධිකරණ ඇමති ගැන රාජිත සේනාරත්න කිව් සැර කතාව

අවුරුදු දෙකාමාරක් තිස්සේ මේ පරීක්ෂණ යට ගැහුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දෝස්තර රාජිත සේනාරත්න කිරිඳිවැල බස්නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් සදහන් කළා.

 

රාජිත සේනාරත්න මහතාමෙලෙස පැවසූහ “මේ රටේ ඉන්න සමහරක් මිනිස්සු මේවා දැන දැනගන්න ඕන. නොදන්න එකාට ගිහින් කියන්න… මේවා ඔක්කෝම බොරු කියන්න බෑ අද වනවිට එළිදරව්වෙලා තියනවා. අද වන විට CID පරීක්ෂණ කරනවා. ඒනිසා තමයි අපේ අධිකරණ ඇමතිගේ පස්ස රත් වෙලා තියෙන්නේ. අවුරුදු දෙකාමාරක් තිස්සේ මේ පරීක්ෂණ යට ගැහුවේ ඔය මිනිහා.

අගමැතිතුමණි මේ මිනිහා නිසා තමයි මේ ආණ්ඩුව මේ තරම් අමාරු තත්ත්වයට වැටුණේ. අපි මගුල් ගෙදර ගියාම. මළ ගෙදර ගියාම අපේ අම්මලා අපිව පැත්තකට කතා කරලා මොකද්ද අහන්නේ කවදාද මේ හොරු අල්ලන්නේ. කවදද මේ මිනිමරුවෝ හොයලා මේ අයට දඩුවම් ලබා දෙන්නේ.”
“මගෙන් කිසිම කෙනෙක් අහලා නෑ කවදාද බඩු මිල අඩු කරන්නේ කියලා. ඒනිසා අගමැතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ මිනීමරුවන් අල්ලන්නෙ කවදද, මේ හොරු අල්ලන්නේ කවදාද කියලා. ඒ විතරක් නෙමෙයි මෙතන කතා කරන මම ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවේ සියළු දෙනාම ඉල්ලන්නේ මේ දේ තමයි. ඔය ආණ්ඩුව විවේචනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බයේ ඉන්න අයගෙන් මම අහන්නේ කවදාද උන්ව අල්ලන්නේ කියලා,”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...