Entertainment 

අනාගතෙ මේ යන ක්‍රිකට් ගැන ඇහෙන ඒවා

මේයන විදිහය අනාගතේ මොනවගේ න්වුස් අහන්න වෙයිද?ක්‍රිකට් ක්‍රිඩාකයන්ට විරෝධයපාලා උද්ගෝශණැ උපවාස වෙන්නේ කොහ්මද කියලා ඉන්න ඉශූ නංගියා ලියලා තියනවා.පොඩ්ඩක් කියවලා බලන්නකෝ…හිනාවෙලා පණයනවා… ඒවගේම ඉශු නංගිටත් බොහොම ස්තුතී මේවගේ නිර්මාණ කරනවට

ඊයේ දඹුලේ විරොධතාවය

උද්ඝෝෂණ හේතුවෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන ආශ්‍රිතව අනාගතේ අසන්නට ලැබෙන පුවත්…

*නිදහස් චතුරස්‍රයේ සිට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරඟය වෙත පාගමනකින් පැමිණෙන උද්ඝෝෂණකරුවන් හේතුවෙන් හෙට දින කොළඹ සිට මහනුවර දක්වා විශේෂ රථවාහන සැලැස්මක්…

*ක්‍රිකට් උද්ඝෝෂකයන් නිසා පාර අවහිර වීම හේතුවෙන් මගීන් හා පදිකයන් දැක්වූ අදහස් කිහිපයක්
1.අපි මේ ඉතුරු රුපියල වෙනුවට කොන්දොස්තරල දෙන ටොපියත් ලා සීනි හදන් ඉන්න මිනිස්සු.මට අද දියවැඩියා ක්ලිනික් එකට යන වෙලාව පරක්කු උනා මහත්තයෝ ….


2.මං අහවල් විශ්ව විද්‍යාලෙ අවසන් වසරෙ සිසුවෙක්.අද මට ෆයිනල් එක්සෑම් එක.මට මිලි තත්පර අරික්කාලක් විතර ප්‍රමාද උනා අද විභාගෙට යන්න මේ බ්ලොක් එක නිසා .මේ මිනිස්සුන්ට කියන්න බස් පාර වෙනුවට විකල්ප මාර්ගයක් විදියට කෝච්චි පාරෙ පා ගමන් යන්න කියල .


3.අපි අපෙ ඉඩම් කුඹුරු විකුණල හරි පාරක් හදල දෙනව වෙනම මේ උද්ඝෝෂණ ළමයි වෙනුවෙන් පා ගමන් යන්න……අද අවහිර වුණ මං තීරුවෙන් මේ ළමයි ක්‍රිකට් වල අනාගතය වෙනුවෙන් යෝධ පාරක් කැපුවේ.

4.*පාගමනින් උද්ඝෝෂණය සඳහා පැමිණි ක්‍රිකට් රසිකයන් ක්‍රීඩාංගනයට ඇතුල්වීම වැළැක්වීම සඳහා කදුළු ගෑස් ප්‍රහාර ….

5.”අපි එකා පිට එකා වැටුණත් මේ සටන නවත්තන්නෙ නෑ.අද STF සහෝදරයන් පහර දුන්නේ ඔවුන්ගේම පන්තියේ අයට..බලන්න අපි කොළඹ ඉඳන් මෙහෙට ආවෙ බාටා දාන්..ලේසි පහසු ගමනක් නෙවෙයි .

6.*උද්ඝෝෂණය අතරතුර ගෑණු ළමුන්ටද පහරදුන් බව වාර්තා වෙනවා…ඒ පිළිබඳව රූපරාමු කිහිපයක් ….


7.”තොපි කෙල්ලො වෙලත් ගෙවල් වලට වෙලා ඉන්න බැරුව ආව නේද ක්‍රිකට් වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න …කොස්සක් ඉදලක් අල්ලන්න බෑ ඒකට ක්‍රිකට් බලන්න නේ..දෙන්නෙ ඔලුවටම රනවුට් වෙලා යන්න…

8.*උද්ඝෝෂකයන් විසින් ක්‍රීඩාංගනයේ දේපළ වලට රුපියල් කෝටි දෙසීයක පමණ අලාභහානි සිදුකර ඇති බව වාර්තා වෙනවා…මේ පිළිබඳව කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා දැක්වූ අදහස් වෙතට යොමු වෙමු..

9.” එයාලට තිබ්බ අපි ඇතුලට එන්න කලින් එපා කියන්න .සල්ලි දීල ටිකට් අරන් ඔක්කොම ඇතුළට යනකන් ඉඳල තමයි අපිට පහර දුන්නෙ…හරියටම පවර් ප්ලේ වෙලාව පටන් ගන්නකොට ටීවි එකට දෙන කැමරා ටික කුඩු වෙනවා ඇහුණා…ඊට පස්සෙ තමයි අපිට පහර දෙන්න පටන් ගත්තෙ……..


10.*අපි මේ පිළිබඳව ප්‍රසිද්ධ ක්‍රිකට්පිටු හිමිකරුවන්ගේ සංගමයෙන් විමසුවා (CHO) ….
ඇත්තටම අපි මේ විදියට දිගටම උද්ඝෝෂකයන්ට පහර දෙනව නම් හෙට සිට ක්‍රිකට් වර්ජනයේ නිරත වෙනවා…එක කම්කරුවෙකුට පිට්ටනියේ තණකොළ කපන්න දෙන් නෑ…
********************
ලිව්වෙ මං -ishu windy

අනිවා ලයික් කරන්න කොමන්ට් එකකකුත් දාගෙනම යන්න…අනිත් අයට බලන්න ශෙයාර් කරන්න…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...