Sport 

මෙසීට පාපන්දු තහනම් වෙයි

නිමා වූ කෝපා අමෙරිකානු පාපන්දු තරගාවලියේ දී දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනය වන CONMEBOL විවේචනය කිරීම හේතුවෙන් සුපිරි ආජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී හට මාස තුනක තරග තහනමක් හා අමෙරිකානු ඩොලර් 50 000ක දඩ මුදලක් පැනවීමට දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

චිලී කණ්ඩායමට එරෙහිව තෙවැනි ස්ථානය උදෙසා පැවති තරගයේ දී රතු කාඩ් පතක් හිමි වීමෙන් අනතුරුව මෙසී CONMEBOL වෙත දරුණු දූෂණ චෝදනා එල්ල කරනු ලැබුවා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ තරගාවලි සංවිධායකයින් බ්‍රසීලයට වාසි සහගත වන ලෙස කටයුතු කරන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...