Sport 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරගාවලියම ජයගනි:පිටියේ බයික් අනතුරක්

ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (31) සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා පිල ලකුණු 122 කින් බංග්ලාදේශය පරාජය කළේය.

පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (31) සමත් වූහ

මෙය ශ්‍රී ලංකාව වසර තුනයි මාස නවයකට ආසන්න කාලයකට පසුව 3-0 කින් ලැබූ එක්දින තරගාවලි ජයග්‍රහණය වේ. ශ්‍රී ලංකාව 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් 3-0 ක ජය ලබා සිටියේය.

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇගයීම වෙනුවෙන් මෙම තරගය නම් කර තිබූ අතර තරගය අවසානයේ කුලසේකරට සමරු තිළිණයක් ප්‍රදානය කළේය.ලකුණු 295 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 36 කදී ලකුණු 172 කට සීමාවිය.ක්‍රිඩා තරගය අවසානයේ තැගි වශයෙන් ලබා දුන් මොටර් බයිසිකල් පැදිමට ගොස් පිටියේ අනතුරක් විය.නමුත් කිසිවෙකුට එයින් අනතුරක් නොවිය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...