Sport 

ඉන්දියාව දැවිගියේ විනිසුරුගේ වරදින්ද

මේ තරඟයේ එක අවස්ථාවකදී ලකුණු 92කට කඩුලු 6ක් දැවී ඉන්දීය කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයක පසුවද්දී එම් එස් දෝණි සමග එක්වූ රවීන්ද්‍ර ජඩේජා සාර්ථක සම්බන්ධතාවයක් පවත්වමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන එන්නට සමත් වුණා.

නමුත් අවසානයේ රවීන්ද්‍ර ජඩේජා දැවී යාමෙන් අනතුරුව වේගයෙන් ලකුණු රැස් කරන්නට ගිය දෝණි දුවද්දී දැවීයාමට ලක්වීම තරඟයේ හැරවුම් ලක්ෂය වුණා.

කෙසේ වෙතත් දෝණිගේ දුවද්දී දැවීයාම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. දෝණි දුවද්දී දැවී යාමට ලක්වුණු පන්දුවේ පුනරූපණ දර්ශන වලදී අපට දකින්නට ලැබෙන්නේ එම පන්දුව යවන විට නවසීලන්ත කණ්ඩායමේ යාර 30 සීමාවේ සිටිය යුතු පන්දු රකින්නන් 5 දෙනා වෙනුවට 6 දෙනෙක් සිටිනා බවයි. මේ නිසා මේ පන්දුව නිපන්දුවක් ලෙස නම් කළ යුතු පන්දුවක් යැයි ඉන්දීය ක්‍රීඩා ලෝලීන් චෝදනා නගනවා.

පන්දු රකින්නන් 5 දෙනා වෙනුවට 6 දෙනෙක් සිටිනා බවයි image socure:twitter

කෙසේ වෙතත් නිපන්දුවකට දුවද්දී දැවී යාමක් වළංගු වන නිසා දෝණිගේ දැවීයාම නවත්වන්නට මේ සිදුවීමට හැකියාවක් නැහැ. එසේ වුවත් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම හේතුවෙන් ඉන්දියාවට හිමි වන ‘ෆ්‍රී හිට්’ පන්දුව අහිමි වීම ඉන්දීය පරාජයට බලපෑමක් කළ බවට සමහරු දොස් නගනවා.

cover image source:twitter

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...