Country 

වෙසක් වෙනුවෙන් අපූරු බස් දන්සලක්

Reading Time: 1 minute

රට පුරා දන්සැල් නොපැවැත්වුද දන්සැලට නව අරුතක් එක් කරමින් මාතර-කඹුරුපිටිය ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද දිනය පුරා මාතර සිට කඹුරුපිටිය දක්වා ගමන් ගන්නා මගීන් නොමිලයේ රැගෙන යාමට කටයුතු කර ඇති බව පැවසෙනවා.

රටේ ආරක්ෂාවටත් දන්සැලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවටත් කිසිදු අවහිරයක් නොවන ආකාරයට දන්සැලට නව අරුතක් එක් කිරීමට මාතර-කඹුරුපිටිය ප‍්‍රධාන මාර්ගයේ ධාවනය කෙරන පෞද්ගලික බස් රථයක් හිමිකරු විසින් කි‍්‍රයා කළේය.

මෙම පෞද්ගලික බස් රථය මගීන් නොමිලයේ රැගෙන යාම සිදු කිරීමට අමතරව බස් රථයේ ගමන් කරන මගීන්ට වතුර බෝතල් හා බිස්කට් ලබා දෙමින් සංග්‍රහයක් ලබා දීමදට සිදු කෙරිණි.

මාතර සිට කඹුරුපිටිය දක්වා ගමන් ගාස්තුව රුපියල් 45ක් වන අතර එක් ගමන් වාරයක් සඳහා රුපියල් 1500ක් වැය කෙරේ.

දිනකට ගමන් වාර 8ක් ගමන් කරන මෙම බස් රථය අද දිනයේ බොහෝ බස් රථ තම ගමන් කරන ගමන්වාරද දිකන ධාවනය නොවන අද වැනි දිනක මගීන්ට කරදරයකින් තොරව තම ගමන් පහසුකම් සලසා දීමේ අරමුණින් ක‍්‍රියා කිරීම විශේෂත්වයකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...