Lates Local 

ඉන්ටනෙට් බදු ඉවත කරයි.වාහන බදුත් අඩු කරයි

අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.මේ අතර කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩුකර තිබේ.

ඒ අතර අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වර්තාවන්නේ.එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.

අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා.

එසේම එන්ජින් ධාරිතාව 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කර තිබේ.එන්ජින් ධාරිතාව 50CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 – 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද ඔහු කීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...