Political 

හිස්බුල්ලා හැදූ විශ්ව විද්‍යාලයට දිගටම පවත්වාගෙන යනවා

Reading Time: < 1 minute

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප‍්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.

එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර ඇත්තේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක අද (8) නිරත වෙමිනි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...