Country 

විදුලිය කැපිල්ල 10 වෙනිදයින් අවසන් වෙයි!

Reading Time: < 1 minute

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මේ වන විට පවතින විදුලි කප්පාදුව බදාදා (10දා) සිට අවසන් කිරීමට අවධානය යොමුව තිබේ.

විදුලි කප්පාදුව අවසන් කිරීමට පෞද්ගලික අංශයේ මෙගාවොට් 100කට අධික හදිසි විදුලිය මිලදී ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී අවසන් අදිරයට පැමිණීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පවතින වියළි කාලගුණය හේතුවෙන් තවදුරටත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යාංශය ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව දිනකට අවම වශයෙන් විදුලි පහන් දෙකක්වත් නිමා දමන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...