Story 

මාලිංග IPL අතරතුර පලාත් තරඟයටත් සහභාගිවෙයි

Reading Time: < 1 minute

මෙවර ඉන්දීය ප්‍රීමිය‍ර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ලසිත් මාලිංග මවුබිම වෙනුවෙන් සේවය සැපයීමට අයි.පී.එල් තරගාවලිය අතරමග දමා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන් අන්තර් පළාත් එක්දින තරගාවලියට සහභාගිවිම සදහාත් එලබෙන ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීමේ කටයුතු සිදු කිරීමටත් ය.

මේ අනුව ඊයේ (03) රාත්‍රීයේද අයි.පී.එල් තරගයක් ක්‍රීඩා කළ ලසිත් මාලිංග එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව බලා පැමිණ තිබෙනවා. ඒ අනුව අද (04) අළුයම මාලි යළි දිවයිනට පැමිණ තිබෙනවා.

මාලිංග මේ වන විට ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා එක්ව සිටිය අතර ඊයේ (03)චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයේදි ලකුණු 34ට කඩුළු තුනක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නා.

අන්තර් පළාත් ප්‍රිමියර් ලීග් එක්දින තරගාවලිය අද ආරම්භ වන අතර ලසිත් මාලිංග ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස අද තරග බිමට පිවිසිමට නියමිතයි. අද දිනයේදි අන්තර් පළාත් එක්දින තරගාවලීයේ තරග දෙකක් පැවැත්විමට නියමිතයි. ඒ මහනුවර සහ ගාල්ල කණ්ඩායම අතර හා කොළඹ සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයන් වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...