Sport 

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයට

Reading Time: 1 minute

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග 3කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (19) පැවැත්වෙනවා. ඒ කේප්ටවුන් හිදියි. 

අද තරගයේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයට
(Photo credit should read MICHAEL BRADLEY/AFP/Getty Images)

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 9.30ට ආරම්භ වනවා. මේ දක්වා දෙරට අතර පන්දුවාර විස්ස තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 5 බැගින් ජය ගැනීමට දෙපිලම සමත් වුණා. 

අද තරගයේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ෆෆ් ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. මේ දක්වා පන්දුවාර විස්ස තරග 10කදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදුන් ලසිත් මාලිංග ඉන් තරග 6කදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙය වූවා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ පස්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එම සටහනේ පසුවන්නේ 9 වැනි ස්ථානයේයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...