Foreign 

ඉතියෝපියානු ගුවන් යානයක් කඩා වැටේයි

Reading Time: 1 minute

අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනා මිය ගොස් ඇතැයි වාර්තා වේ.අද (10) උදෑසන මෙම ගුවන් යානය ගුවන් ගත වී විනාඩි අටකට පසු කඩා වැටී ඇත.

ගුවන් යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.

ඉතියෝපියානු අගමැතිවරයා අබියි අහමඩ් ටුවිටර් පණිවිඩයකින් නිකුත් කරමින් ගුවන් අනතුරින් විපතට පත් වූ අයගේ පවුල් වල සාමාජිකයන්ට ශෝකය පළ කළේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...