Local 

රාජ්‍යසේවකයන්ට රට ඇතුලත අභ්‍යන්තර ගුවන් ගමන් පහසුව

Reading Time: < 1 minute

රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියැවීමේ අයවැය විවාදයේදීය.අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

‘‘සියලු රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් දෙනවා.මේ අනුව රජයේ සේවකයින්ට ගුවන් මගින් යාපනය,මඩකලපුව,ත්‍රීකුණාමලය,සීගිරිය, රත්නපුර යනාදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනවා.‘‘

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...