Technology 

Apple දුරකථන වල විකුණුම අඩුවීම සමග iPhone X මිල පහලටද

Reading Time: 1 minute

ඇපල් සමාගම ඔවුන්ගේ 2017 නිකුත් කරන ලද iPhone X දුරකථන නැවත විකිණීම ඇපල් සමාගම මේවන විට ආරම්භකර තිබෙනවා.මෙලෙස නැවත iPhone X දුරකථන විකීනීම ආරම්භ කිරීමට ඇපල් සමගම කටයුතු කලේ ඔවුන්ගේ නිශ්පාදන මිලදී ගැනීම අවම වීම නිසයි.

iPhone X දුරකථන නැවත විකිණීම ඇපල් සමාගම මේවන විට ආරම්භකර තිබෙනවා BGR.com

වර්තවන ලෙස මෙලෙස අලුතින් විකිනීමට සදන iPhone X දුරකථනවල මිල පෙරට වඩා අඩුවෙනවා ඒ ඩොලර් 769 වැනි මුදලකටයි.iPhone X දුරකථනය නිකුත් වූයේ ඩොලර් 999 වැනි ඉතාමත් වැඩි මුදලකටයි.කෙසේ වුවත් මෙලෙස මිල අඩු කිරීමක් ඔවුන් සිදුකරන්නේ ඇපල් සමගම අලුතින් නිකුත් කල iPhone XS සහ iPhone XS Max ඔවුන්ගේ දුරකථන විකිනීම අඩුවිම නිසයි.

අලුතින් විකිනීමට සදන iPhone X දුරකථනවල මිල පෙරට වඩා අඩුවෙනවා ඒ ඩොලර් 769 වැනි මුදලකටයි TechRadar

මේ වන විට ඇපල් iPhone X හි මිල අඩුකිරීම නිසා 2018 වසරේ හදුන්වා දුන් iPhone XR වල මිල වන $749 ආසන්නයට iPhone X හි මිල පැමිණ තිබෙනවා.iPhone XR වල ඇත්තේ LCD තිරයක් වුවත් AMOLED තිරයක් සහිත වසරක් පරණ වුවත්
iPhone X දුරකථනය මිලදී ගැනීම වාසි සහගත බවයි බොහේ දෙනා පවසන්නේ.එලෙසම් දැන් ඇපල් සමාගම ඔවුන්ගේ දුරකථන මාසිකව ගෙවීමේ ක්‍රමයට විකුණා දමන්නත් බොහේ සේ මහන්සි වන බවක් පෙනී යනවා.

AMOLED තිරයක් සහිත වසරක් පරණ වුවත් iPhone X දුරකථනය මිලදී ගැනීම වාසි සහගතයි Digital Trends

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...