වර්ථමාන ක්‍රිකට් ගැන ආර්ජුන රණතුංග කිව් කතාව
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් බාහුර ස්වරූපයෙන් ලස්සන වූවත් ඔවුන්ට වැඩි වැඩි වේලාවක් ටෙස්ට් පිටිය තුළ ක්‍රීඩා කිරීමට තරම් යෝග්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ බීබීසී සිංහල පුවත් සේවය සමග සිදුකරන ලද සාකච්චාවක් අතරතුරයි.“දැන් ෆිට්නස් ලෙවල් එක දිහා බලපුවාම දැන් ඉන්න ළමයි හරි ලස්සනයි, ඇඟවල් හරි ලස්සනයි.හැබැයි ඉතිං ඕවර් 4 ක් 5ක් දානකොට කඩන් වැටෙනවා. දවසක් බැට් කරන්න බැහැ.ඉතිං මේක තමයි ක්‍රිකට් වැරදි පුද්ගලයන්ගේ මානසිකත්වය.

අපි ඉන්න කාලේ, මම කොහොමත් මහත කෙනෙක්. එක කාලයක් අරවින්දව ව ෆිට්නස් ටෙස්ට් එකකුත් කරලා අයින් කළා.හැබැයි බැට් කරන්න කිව්වම, අපිට දවස් එකහමාරක් වුනත් බැට් කරන්න පුළුවන්.දැන් අපි බැලුවොත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහලා, චමින්ද වාස්ලා වගේ මාත් එක්ක ගහපු අයට ඕවර් 15ක් 16ක් විතර නවත්වන්නේ නැතිව බෝල් කරන්න පුළුවන්.මේක තමයි අපි හැදුන ක්‍රිකට් සංස්කෘතිය.”

වර්ථමනයේ ක්‍රිකට් ක්‍රිඩාවේ දූශණය ගැනද මෙහිදී අර්ජුනරනතුංග අමාත්‍යවරයා කරුණු හෙළිකලේය. ඔහු පැවසූවේ ලෝක ක්‍රිකට් කවුන්සිලය ලංකවේ ඔවුන්ගේ කාර්යාලයක් දැමීම ගැන අපි සිතා බැලිය යුතු බවයි. ශ්‍රී ලංකාව තුල අනවශ්‍ය දේවල් සිදුවන බව ඒත්තු ගැන්වීමට ලෝක ක්‍රිකට් කවුන්සිලය මෙලෙස ආයතනයක් දැමීම සිදුකර ඇති බවයි ඒ මහතාගේ අදහසය වන්නේ
“මම දකින්නේ මෙන්න මෙ වගේ දෙයක් ඇයි ලෝක ක්‍රිකට් කාර්යාලය මේ රටේ විතරක් මේවැනි කාර්යාලයක් දමන්නේ…සාමන්‍යයෙන් මම දන්නවා එවැනි තීරණයක් ලෝක ක්‍රිකට් කවුන්සිලය ගන කොට ගන්නේ හුඟක් දුර හිතලා…එකක් එකෙන් අපිට පෙන්නුවා පොඩි දැක්මක් ඔබලාගේ රටේ අනවශ්‍ය දේවල් සිදුවනවා කියලා…පසුගිය සිම්බාබ්වේ සහ බංග්ලාදේශ තරඟවලදී අපිට අනවශ්‍ය දේවල් අහන්න ලැබුණා…ඒකට ක්‍රීඩකයන්ට ඇඟිල්ල දික්කරාට හුගක් පරිපාලකයන් පස්සෙන් හිටියේ…

අපට තිබුනා දේශිය තරගයක් ඒගොල්ලන්ට අවසාන තරගයට එන්න ඒගොල්ලෝ මොකක්ද කලේ ඒ ක්‍රිඩා තරඟය මැච් එක ෆික්ස් කරා කණ්ඩායම් දෙකම ඇතුලට එන්න ඒකේ එක කණ්ඩායමක් බාරව හිටියේ ක්‍රිකට් පරිපාලනයේ හිටපු නිලධාරියෙක් අද එයා නැවත වරක් එන්න හදනවා ක්‍රිකට් වලට…මෙවැනි දූශිත කණ්ඩායමක් තමා ලංකාවේ ක්‍රිකට් පරිපාලනය කලේ අපිට ලෝක ක්‍රිකට් කවුන්සිලයට ඇඟිල්ලක් දික්කරන්න බැ..එගොල්ලනට මොකක් හරි කාරණා නැතුව ඒගොල්ලෝ මෙවැනි දෙයක් කරන්නේ නැ කියන එකයි මගේ ඔලුවේ තියෙන්නේ … “
මෙහීදී අර්ජුන රණතුංග මහතා මුත්තයීඅ මුරදිරන මහතා පල කල අදයසකටද එකඟවන බව පැවසීය ඒ ඊයේ මුත්තායියා මුරලිදරන් මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවේ තරඟ පවාදීමක් සිදුව ඇති නම් ඒවා ඇද ඇදා නොසිට වහාම හෙලිකල යුතු බවයි…මෙලෙස ඇද ඇදා සිටීම ලංකාවට අගෞරවයක් බවයි.එගොල්ලනට මොකක් හරි කාරණා නැතුව ඒගොල්ලෝ මෙවැනි දෙයක් කරන්නේ නැ කියන එකයි මගේ ඔලුවේ තියෙන්නේ …
මෙහීදී අර්ජුන රණතුංග මහතා මුත්තයීයා මුරලිදරන් මහතා පල කල අදහසකටද එකඟවන බව පැවසීය. ඒ ඊයේ මුත්තායියා මුරලිදරන් මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවේ තරඟ පවාදීමක් සිදුව ඇති නම් ඒවා ඇද ඇදා නොසිට වහාම හෙලිකල යුතු බවයි…මෙලෙස ඇද ඇදා සිටීම ලංකාවට අගෞරවයක් බවයි.කල ප්‍රකාශයයි.
අර්ජුන රනතුගමහතා පවසන්නේ සිදුව ඇතැයි කියනා දූශණ එළියට දැමීමට කලය පැමිණ ඇති බවයි…”මෙවා එලියට දැමීමට කාලය ඇවිත් තියනවා… සමහර වෙලාවට මට හිතෙනවා මේගොල්ලෝ ලෝක කුසලන තරඟට වෙනකන් ගිහිල්ලා …මොකද මේ වගේ දේවල් හුගක් එළියට ආවොත් ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ තියන අවශ්‍යතවය නැතිවෙයිද කියලා…
නමුත් මම ඒකට එකඟ නැ…මොනම කෙනෙක් හරි තරඟ පාවාදිම කියන දෙයක් ක්‍රීඩකයෙක් හරි පරිපාලනේ හරි වෙලා තියනව නම් එවලේම ඒක ඉවරය් කරන්න ඔනි…ඕක ඇවිල්ලා ෆන්ගස් එකක් වගේ ඔඩුදුවන්න පුලුවන් ඕක අනිත් ක්‍රිඩකයන්ට යන්න පුලුවන්…මෙම සාකඡාව තුලදී වර්ථමනයේ ක්‍රිකට් ක්‍රිඩක තුල සමාජ මාධ්‍ය නිසා ඇතිව ඇති ගැටුම් ගැනද කතා කෙරිණ…