Entertainment 

‌ශ්‍රි ලංකන් ක්‍රිකට් අනාගතේ කොහොම වෙයිද??

ශ්‍රි ලංකා ක්‍රිකට් මේ යන විදිහට ඉස්සරහට ගියොත් කොහොම වෙයිද??අනගතේ මොනවා අහන්න ලැබෙයිද? මේක කියවලම බලන්න්කෝ හිනාකාල පණැ යනවා…ඇත්ටටම මේකේ වෙන ඒවා වෙන්නත් පුලුවන්…

01.
” කොලුවෝ…..කෝ බං මගේ මේ කණ්නාඩි කුට්ටමේ දෝසයක්ද කොහෙදෝ…..මීට විනාඩි පාළහකට විතර ඉස්සරින් අර ක්‍රිකට් මැච් එක පටන් ගත්තා…. අපේ කොල්ලො ටික කාසියෙ වාසිය දිනලා බැට් කොරන්න එනව දැක්කා…..දැන් බලහන් මුකුත් පේන්නෙ නෑනෙ….”
” අයියෝ….නෑ සීයේ……සීයගෙ කණ්නාඩි කුට්ටමේ දොසක් නෙමෙයි….. ටීම් එක ඕල් අවුට් වෙලා……..පිලිපීන ටීම් එක බැට් කරන්න එනතුරු මේ වෙලාවෙ පිට්ටනිය හිස්…….”
“ඒක මිසක්…..බලහන්කො ඉතින් අවුරුදු ගාණකට මට හරියට බලා ගන්න ලැබුණේ නෑ නොවැ අපේ කොල්ලෙක් බැට් එකකින් බෝලෙකට ගහනව……..පත්තරේ අර රාක්කෙ උඩින් තියල එන්න ගිය ටිකට ඉතින් මේ…..”

02.
” මොකද බං මේ කූඤ්ඤෙ ගහ ගත්තු රිලවා වගේ තද කරන් ඉන්නෙ….. බරක් නම් ගිහින් දාලා වරෙන්කො…..අතනනෙ ලැට් එක…..”
“අම්මෙහ්….නෑ බන්…..ඔන්න ඔය විනාඩිය උහුලනවා…..චූ පාරක් දාල එන්න ගියොත් ටීම් එක බැට් කරනව බලන්න වෙන්නෙ නෑ……..ඒක නෙමෙයි, අර සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ කෙල්ලො ටික මාර කෑලි ඈ……!”

03.
කෙන්යාවේ නයිරෝබි නගර කණ්ඩායම සමග තරඟයෙන් කඩුළු දෙකක විශිෂ්ඨ ජයක් ලැබූ අපේ සිංහයන් ගැන ආඩම්බරයි නම් ෂෙයා කරන්න……

04.
” අහන්නකො….”
” ඇයි මොකෝ ඒ පාර…?”
” මට කිසිම සතුටක් දැනෙන්නේ නෑ අනේ……!……ඔයා ඉක්මණට ඉවර කරනවනෙ…..ශ්‍රී ලංකන් ටීම් එක බැට් කරනව කරනව වගේ……..මම ඔයාට කළිනුත් කියල ඇති….”

05.
” ඔව් මහත්තයා…..මම එනකොට වතුර පයිප්පෙ අන්න අතනින් පුපුරලා තිබ්බෙ…….හරියට ශ්‍රී ලංකා ටීම් එක වගේ අරහෙන් එනවා, මෙහෙන් යනවා වතුර පාර …….. පස්සෙ යන්තන් ටේප් ගහල වැහුවා…….පයිප්ප බාළයිනෙ මහත්තයො…..”

06.
” උඹ කියන්නෙ අරූ හාෆ් සෙන්චරියක් දායිද ?”
” දායි දායි දැනටම 45 යිනෙ…..තව විකට් දෙකක් ඉතිරියිනෙ….ඌ හාෆ් සෙන්චරිය දාල දෙයි”

07.
” සුදු …. ඔහොම්ම විනාඩියක් ෆෝන් එකේ ඉන්න……මම බැට් කරන්න යනව…….”

08.
” බලන්න උනෙ නෑ බං……පූසා වහළ උඩ හිර වුණානෙ……ඉතින් ඉනිමඟ ගෙනත් තියලා ඌව පහළට ගන්න පැය බාගයක් විතර ගියා……එනකොට අරුන්ගෙ ඉනින්ග්ස් එකෙත් ලකුණු 100 ක් විතර ගහල…..”

09.
” අක්කී……!…..අනේ ටවල් එක අමතක උනා……ගෙනත් දෙන්න ප්ලීස්……!……”
“මට බෑ …..ඔහොමම ඇවිල්ලා ගන්නවා දාල ගියා නම්……!…..මෙහෙ කොල්ලො නෑනෙ…..!……තමුසෙට ඕක ගෙනත් දෙන ටිකට මේ ඉතිරි විකට් පහත් යයි…”

පුරුදු විදිහට උපුටා ගැනීම Damith Kethaka 
තව එකක් කියන්න ඔනි කියන්නේ පුදුම දක්ශයෙක්…ගල දිහා බලන් රචනාවක් ලියන්න කිව්වොත් පොත් පිරෙන්න ලියයි අපි කවුරුත් හිතන්නේ නැති ඒවා දාලාඅනිවා කොමන්ට් එකක දාලා යන්න අනිවා ලයික් කරන්න….😂😂😂😂😂

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...