Sport 

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් චන්දිමාල් ඉවත් කරයි වෙනස්කම් රැසක්

Reading Time: 1 minute

දිමුත්කරුණාරත්න ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩාය්මේ නායකයා ලෙස දකුණු අප්‍රිකා සංචාරයට සහභාගීවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.දිනේශ් චන්දිමාල් ශ්‍රි ලංකා නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා සංචිතයෙන්ද ඉවතකර තිබෙනවා.

දිනේශ් චන්දිමාල් ශ්‍රි ලංකා නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා සංචිතයෙන්ද ඉවතකර තිබෙනවා. GETTY IMAGES

මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩයමේ සිටිනා එකම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වන්නේ දිමුත් කරුණාරත්නයි.දිමුත් කරුණාරතන 2018 වසරේදි ටෙස්ට් තරගාවලි 6 කදී අර්ධ ශතක 5 ක් ලබාගෙන තිබෙන අතර ඔහු 2018 ICC ටෙස්ට් කණ්ඩායමේ සමාජිකයෙකුද වනවා.

ශ්‍රි ලංකා කණ්ඩයමේ සිටිනා එකම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වන්නේ දිමුත් කරුණාරත්නයි espncricinfo.com

චන්දිමාල්ට අමතරව ටෙස්ට් සංචිතයේ සිටි දිල්රුවන් පෙරේරා,රොශේන් සිල්වා සහ සධිර සමර වික්‍රමටද කණ්ඩායමේ සිය ස්ථන අහිමිවි තිබෙනවා.කෞෂාල් සිල්වා සහ මිලින්ද සිරිවර්ධන නැවත කණ්ඩායමට කැඳවා ඇත්තේ පළමු පෙළ තරගවල ඔවුන්ද දක්වන ලද කුසලතා සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම නවක ක්‍රිඩකයන් ලෙස ශ්‍රී ලංකා වර්තවක් තබමින් එකම තරගයක දිතව ශතක දෙක වාර්තාකල ඇන්ජෙලෝ පෙරේරා සහ වැඩිම ලකුණු ලාභියා වන ඕෂධා ප්‍රනාන්දු හටද කණ්ඩායමේ අවථවන් ලබාදී තිබෙනවා.

චන්දිමාල්ට අමතරව ටෙස්ට් සංචිතයේ සිටි දිල්රුවන් පෙරේරා,රොශේන් සිල්වා සහ සධිර සමර වික්‍රමටද කණ්ඩායමේ සිය ස්ථන අහිමිවි තිබෙනවා (AP Photo/Eranga Jayawardena)

එමෙන්ම නවක පන්දුයව ක්‍රිඩකයන් වන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශිරාස් සහ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය ද කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 6 දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත අතර පෙබරවාරි 13 වන දා පලමු ටෙස්ට් තරඟයට සහභාගීවීමට නියමිතයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...