Country 

ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරමින් යන ප්‍රථම මිසයිල සහ මල්ටිබැරල් රොකක් විඳින ගැන ඔබ නොදත් දේ

Reading Time: 1 minute

‌නිදහස් දිනේදී රැගෙන යන විදේශ රටවල නිපදවන ලද විවිධා ආයුධ දකින්බොහෝ දෙනා අසනේ ශ්‍රී ලංකාව තුල අයුධ නිපදවිම සිදුකරන්නේද නැද්ද වගයි.නමුත් ශ්‍රී ලංකාව තුල යුධ හමුදා පරියේශන හා සංවර්දන මධ්‍යස්ථනය තුල මේව විට විවිධ පරේක්ශණ සිදුකරමින් පවති.නම ශ්‍රී ලංකාවට අනන්‍යවූ තාක්ශණික නිපයුම් නිපදවීම සිදුකරනවා.මේවට සහය වන්නේ ශ්‍රී ලංකාවේ සිටිනා එංජිනෙරුවන් සහ මහාචාර්‍යවරුන් ඇතුලු පිරිස්.

ශ්‍රි ලංකා යුධහමුදාව නිපදවන ලද පලමු මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිල සාර්තකව අත්හදාබලා තිබෙනවා. ifbcnet.org

යුධ සමයේ අවියායුධ විදේශ රටවලින් ගෙන්නුවත් ඒවාට ඉතාමත් අධික මුදලක් ගෙවීමට සිදුව තිබුනා.ශ්‍රී ලංකාවට අවශ්‍ය මූලික අවිආවුද වත් ශ්‍රී ලංකාව තුල නිපදවනවා නම් විශාල මුදලක් ඉතුරු කර ගැනිමට හැකියාව ලැබෙනවා. මේ වන විට ශ්‍රි ලංකා යුධහමුදාව නිපදවන ලද පලමු මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිල සාර්තකව අත්හදාබලා තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සර ප්‍රදර්ශනයේදී ජනතාවද දැකබලා ගැනීමට අවස්තාව උදාවිය Newsfirst

මේවා පසුගිය දා පැවැත්වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සර ප්‍රදර්ශනයේදී ජනතාවද දැකබලා ගැනීමට අවස්තාව උදාවිය.කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ මාධ්‍ය මෙවට ලබාදී තිබුනේ අඩු ප්‍රසිද්ධියකි.මේ පිලිබඳ අදහස් දැක්වූ යුධ හමුදා පර්යේෂන හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ප්‍රකාශ කලේ මෙය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇති බවයි.

71 වන නිදහස් දින උත්සවයට රැගන් ගිය ශ්‍රී ලංකාවේම නිපදවූ මල්ටිබැරල් රථය

මේ මල්ටිබැරල් සහ මිසයිල සදහා යොදාගෙන ඇත්තේ සීයට සියක් ශ්‍රී ලංකාවේන් සොයා ගත හැකි දේශිය අමුද්‍රව්‍යයි.මෙම මලිටිබැරල් රොකට් ලෝන්චරයට වරකට උණ්ඩ 4 නිකුත් කල හැකියි.එමෙන්ම මල්ටි බැරල් රොකට් ලොන්චර් එකට කිලොමිටර් 22 ක දුරකට ප්‍රහාල එල්ල කිරිමේ හැකියව ඇති බව පැවසෙනවා.එමෙන්ම මිසයිල වලට කිලෝමීටර් 10 ක දුරකට ප්‍රහාර එල්ල කල හැකි බව පැවසෙනවා.මේවා නවික හමුදාවේ නෞකා අරක්ශා කිරිමට යොදාගැනීමට නියමිත බවයි සදහන් වන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...