Sport 

ශ්‍රි ලංකාව අන්ත පාරජයක් ලබයි

Reading Time: 1 minute

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තුන්වට ටෙස්ට් තරඟයේ ජයද ඉන්දීය කණ්ඩායම හිමි කරගත්තේය.
පසුගිය 12 වනඩා ආරම්භ වූ ඉන්දු ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 487 ක් ලබාගත්තේය.
Embed from Getty Images

තම පළමු ඉනිම ක්‍රීඩාකිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වුන එකම ක්‍රීඩකයා වුයේ දිනේෂ් චන්දිමාල් පමණි. චන්දිමාල් ලකුණු 48 ක් ලබාගනිද්දී ශ්‍රී ලංකා ඉණිම ලකුණු 135 කට සීමා විය.

පසුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා 352 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනැ ඉනිමේදීත් අසාර්ථක වුයේ ලකුණු 181 ට සියලු දෙනා දැවියමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ දික්ල්ලවැයි.ඒ අනුව තුන්වෙන් ටෙස්ට් තරඟයේන් ඉන්දියාවට ඉනිමක හා ලකුණු 171 ක පහසු ජයක් ලැබුනේය.

නවක ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කල පළමු ටෙස්ට් තරඟාවලිය මෙය වන අතර, එහිදී ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවේ 3 – 0 ලෙස පරාජය වීම දුකට කරුණකි.දෙරට අතර පළමු එක්දින තරඟය අගෝස්තු 20 වන දින දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...