සුප්‍රසිද්ධ පවුඩර් වර්ගයක් පිලිකා කාරක ඇති නිසා ලංකාවට ගෙන්විම නවති
ශ්‍රී ලංකා රජය සුප්‍රසිද්ධ පවුඩර් වර්ගයක් වන johnson & Johnson Baby පවුඩර් ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.ඒ එම පවුඩර්වල පිලිකා කාර ඇස්බැස්ටර්ස් නොමැති බව අදාල සමාගම රසායනික පරීක්ෂණයකින් ඔප්පුකරන තුරුයි.

කෙසේ නමුත් දැනට වෙලඳපොලේ තිබෙනා johnson & Johnson Baby පවුඩර් විකිනීම කල හැකි. නමුත් අලුතින් රටට ගෙන්වීම තහනම් කර තිබෙනවා. johnson & Johnson Baby පවුඩර් මෙරටට ආනයනය කරන්නේ ඉන්දියාවේ සිටයි.

දෙසැම්බර් මස 14 වන දින රොයිටර් පුවත් සේවය විශේෂ වාර්ථාවකින් හෙලිකළා ඇමරිකාවේ ඖෂධ සහ පාරිබෝගික අධිකාරිය දශකයක සිට බේබි පවුඩර් වල ඇස්බැස්ටෝ ඇතිබව දැන සිටි බවයි.ඔව්න් මේ වර්තාවට දහස් ගණනක් වු company memo (සමාගම තුල සේවකයන් සමග පණිවිඩ හුවමාරුවට යොදාගන්නා ලියකිවිලි) සහ අභ්‍යන්තර වර්තා ඉදිරිපත් කරනු ලැබුවා.ඒ සමගම රටවල් ගණනාවක් බෙබි පවුඩර් නැවත පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවා.