Science 

ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව RAAVANA-1

Reading Time: 1 minute

ශ්‍රී ලංකාවේ ප්‍රතම ඡන්ද්‍රිකාව RAAVANA-1 නමින් කක්ශගත කිරීමට නියමිත බව පැවසෙනවා. මෙම රවනා 1 ඡන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථනය සහ ජපානයේ Kyushu Institute of Technology අයතනය එකතුවී නිර්මාණය කරන ලද්දක්. BIRDS-3 ව්‍යාප්ෘතිය යටතේ නිර්මාණය කර ඇති මෙම චන්දිකාව cube වර්ගයේ චන්ද්‍රිකාවක්.

ශ්‍රී ලංකාවේ ප්‍රතම ඡන්ද්‍රිකාව RAAVANA-1 නමින් කක්ශගත කිරීමට නියමිත බව පැවසෙනවා. BIRDS 3

Cube වර්ගයේ චන්ද්‍රිකාවන් යනු කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා වර්ගයක් මෙය සාමාන්‍යයෙන් සෙන්ටිමිටර් 10 ප්‍රමාණයේ ඝණකාබයකින් යුක්තයි.මෙහි සියලු උපාංග සවිකර ඇත්තේ මෙම කුඩා පෙට්ටිය තුලයි. RAAVANA-1 චන්ද්‍රිකාවද මෙම Cube වර්ගයේ චන්ද්‍රිකාවක්.මෙම චන්ද්‍රිකාව කක්ශගත කරන්නේ වෙනත් චන්ද්‍රිකාවන් වලට වඩා වෙනස් විදිහකට.එනම් මුලින්ම මෙම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථනයට අවශ්‍ය අහර සහ උපකරන රැගෙන යන අතර ඒවා සමග මේ චන්ද්‍ර්කාවද රැගෙන යනු ඇත. ඉන් පසුව එය අදාල කක්ශය වෙත විදිම සිදුකරයි.

RAAVANA-1 චන්ද්‍රිකාවද මෙම Cube වර්ගයේ චන්ද්‍රිකාවක් BIRDS 3

එසේ ගෙන යන මෙම රාවානා-1 චාන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථනයට කිලෝමීටර් 400 කින් පමණ දුරින් කක්ෂගත කිරීමට නියමිතයි.මෙම චන්ද්‍රිකාවේ අවම ආයුකාලය අවුරුදු එක හමර සිට 5 දක්වා වන බවයි පැවසෙන්නේ.මෙසේ කක්ශගත කරනා චන්ද්‍රිකාව මගින් ශ්‍රී ලංකාව හා අවට ඡායාරුප ගැනිම , පෘථිවියේ චුම්භක ශක්තිය පිලිබඳ අධ්‍යනය කිරීම,කක්ෂගත කිරීමේදී චන්ද්‍රිකාවන් තමා වටා කැරකීමේ වේගය අඩු කිරීම පිලිබඳ අධ්‍යනය කිරීම සහ ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතා කිරීමට නියමිත මෘදුකාංග ක්‍රමයක් අත් හදාබැලීමට යොදාගන්නා බව පැවසෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ අනෙක් විශේශත්වය වන්නේ ශ්‍රී ලාංකික තරුණයෙක් සහ තරුණියක් මෙම ව්‍යාපෘතියට සම්බන්ද වී සිටීමයි.දුලානි චමිල්කා සහ තරිදු දයාරත්න වන මොවුන් දෙනා විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරියක් සහ විද්‍යුත් ඉන්ජිනේරුවරයෙක්වනවා.

තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව හදරා ඇති දුලානි චමිකා මෙම ව්‍යාපෘතියේ Onboard Computer(OBC) system එක සම්බ්නධව කටයුතුකරනවා. Onboard Computer(OBC) system යනු චන්ද්‍රකාවක මොළයවන් කොටසයි. මෙම කොටස මගින් චන්ද්‍රිකාවට ලබාදෙන නියෝග ක්‍රියා කරවීම අනිකුත් ඇන්ටනා,විදුලිබල පද්ධති ක්‍රියාකරවීම සහ පාලනය සිදුකරනවා.

විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව හදරා ඇති දුලානි චමිකා මෙම ව්‍යාපෘතියේ Onboard Computer(OBC) system එක සම්බ්නධව කටයුතුකරනවා facebook.com/BIRDS3satellite

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරුවරයෙක් වන තරිදු දයරත්න මෙම
ව්‍යාපෘතියේ සේවය කරන්නේ සන්නිවේදන උප පද්ධති පිලිබඳයි. චන්ද්‍රිකාවේ සන්නිවේදනය සම්බන්ධ සියලු කොට හරියාජරයෙන් ක්‍රියා කරන වග පරීක්ශව සහ ඒ කොටස් නිමාණය ඔහුට ඇති වැඩ කොටසයි .එමෙන්ම ඇන්ටනා වැඩිදියුණු කිරීමටද මොහු සම්බන්ධයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරුවරයෙක් වන තරිදු දයරත්න මෙම ව්‍යාපෘතියේ සේවය කරන්නේ සන්නිවේදන උප පද්ධති පිලිබඳයි facebook.com/BIRDS3satellite

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...