ක්‍රිඩකයන් කණ්ඩායමට දැමීමට ක්‍රිඩා ඇමතිට අල්ල’ස් දීමට ආ පුද්ගලයන් ගැන ක්‍රිඩා ඇමතිගෙන් ICC ට පැමිණිල්ලක්
ඊයේ පැවති සංවදයකදී ක්‍රිඩා ඇමති විසින් විශේෂ හෙලිදරව්වක් කරනු ලැබුවා ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩකයන් ඇතුලත් කරගැනීමට ක්‍රිඩා ඇමති වන තාමට අල්ල’ස් දීමට පුද්ගලයන් පිරිසක් තැත්කිරීම සම්බන්ධයෙනුයි.

හරින් ප්‍රනාන්දු මහතා මේ පිලිබඳ ප්‍රකාශකලේ “මටත් අල්ල’ස් දෙන්න කතා කරලා තියනවා ක්‍රිඩකයෝ කණ්ඩායම් වලට ඇතුලත් කරන්න කියලා.මම මේක මේ වෙනකොට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණි’ලිකර තිබෙනවා”තව දුරටත් අදහස් දැක්වූ එ මහතා පැවසුවේ ” මේක මම ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂ’ණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා.” යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මහේල ජයවර්දන සහ කුමාර් සංගක්කාර මහතා පෙන්වා දුන් ලෙස ශ්‍රිලංකාවේ ක්‍රිකට් ව්‍යවස්ථව වෙනස් කිරීමට තමගේ අරමුණ බවයි.එමෙන්ම ලසිත් මාලිංග ලෝක කුසලානය දක්වා ශ්‍රි ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇති බව එ මහතා පවසා සිටිහ.
