ජනතාවගේ දත්ත චීනයට සපයන හුවාවී ප්රධාණියා කොටුවෙයි
චීන රජය වෙනුවෙන් හුවාවි දුරකථන හරහා ජනතාවගේ දත්ත එකතුකීම සිදුකරන ලද හුවාවි සමාගමේ සේවකයෙක් පෝලන්තය විසින් අත්ත’ඩංගුවට ගෙන තිබෙන බව
Bloomberg සහ The Wall Street Journal මධ්‍ය ප්‍රකාශයට පත්කරනවා.මීට පෙර සිටම ඇමරිකාව විසින් චිනය හුවාවි දුරකතන භාවිතා කරන පිරිස්ගේ පෞද්ගලික දත්ත චීනය සොරාගන්නා බව අනතුරු අගවනු ලැබුවා.

මෙලෙස අත්ත’ඩංගුවට ගන්නා ලද සේවකයන් දෙදෙනා චීන ජාතිකයන් වන අතර ඔව්න් විකිණුම් අධ්‍යක්ෂකයන් ලෙස සෙවය කරන ලද පිරිස් බවයි සදහන් වන්නේ.එමෙන්ම මේ වන විට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තම රටවලින් හුවාවි 5G උපකරණ සියල්ල තහනම් කිරීම සිදුකර තිබෙනවා.නුදුරේදීම ජපානයද හුවාවි සමාගමේ 5G උපකරණ තහනම් කිරීම සිදුකරන බව පැවසෙනවා.

මේ පිලිබද ඊමේල් පණිවිඩයක් මගින් අදහස් දක්වන ලද හුවාවි සමාගම පවසන්නේ ඇතිවී ඇති තත්වය ගැන පරික්ෂාවෙන් සිටිනා බවයි. හුවාසි සමගම සියලු රටවල නීතිරීති සහ රෙගුලාසිවලට අනුගතව ක්‍රියාකරන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් ඉතා අඩු මුදලට තාක්ෂනික උපකරණ විකුණන හුවාවි සමගම ඔවුන්ගේ දුරකථන තාක්ශනික උපකරණ,ජාලාකරණ උපකරණ ලොකය පුරාම වියාපතකීර්ම සිදුකරා නමුත් ස්මහර රටවල් මෙය මුල සිටම දුටුවේ අදලා රටවල් වල ආරක්ෂාවට තර්ජන.යක් ලෙසයි.
