Local 

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම

මීගමුව – කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර ඊයේ (12) පස්වරුවේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ කොල්ලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට ගමන් කරන බවට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ලූහුබැද ගිය පොලිස් විශේෂ කාර්ය බලකාය වෑන් රථය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ඔවුන් වෙඩි තබා තිබෙනවා.ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් ද වෙඩි තබා ඇති බවයි සදහන් වෙන්නේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...