BreakingNews Political 

අංතරේ කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල කොන්තරතුවද??

මේ රටේ වර්තාමානයේදී මාසයකට කොපමණ උද්ගොෂන සහා පෙලපාලි තියනවද? එයින් වැඩි කොටසක් ,90% පමණ විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධය.හිතන්න ඔබ කොළබට පැමිණෙන විට ඔබ කොපමණ විශ්ව විද්‍යාල සිසුන් ගේ සටන් පාඨ ඇති පොස්ටර් දකිනවාද? 100 ක් 1000ක් ඊට වැඩි වන්නටද පුලුවනි.කවුරුන්ද ඔවුන්ට මේවාට මුදල් ලබා දෙන්නේ?මේ සටන් 100% නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටද? නැතහොත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවුල් ඇතිකර ඒවා අකර්මන්‍ය කල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් යැවීමටද? උගත් බුද්ධිමත් මනසක් ඇති තර්කිකව සිතා බැලිය හැකි අයට මෙතැන් පටන් මේ ලිපිය කියවන්න…

මීට වසර 20 පමණ පෙ‍ර රජයේ විශ්ව විද්‍යාලයක යනවා යනු සිහිනයකි.මුලු දිස්ත්‍රික්කයටම එවැනි වසනවන්තයන් සිටින්නෙ අතේ ඇගිලිවලත් වඩා අඩු පිරිසකි.නමුත් දැන් එය වෙනස් වී ඇත මිනිසුන් රජ්‍ය විශ්ව විද්‍යාලවල වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන විශ්වාසය තැබීමට පටන් ගෙන ඇත. එයට හේතු මෙසේය සමජයේ බොහෝ පිරිස් කියනේ “ආණ්ඩුවේ එකකට ගිහිලා නාකිවෙනවට වඩා ප්‍රයිවට් එකකට යන එක හොදයි” ඒ කාතවේ ඇත්තක් ඇත. රජයේ විශ්ව විද්‍යාලව හැමදැම උද්ගෝශන ,පෙලපාලිය වසර 4 උපාදිය ලබාගැනීමට නම් අවුරුදු 6 වත් ගතවේ.

උසස්පෙල පලමු සැරෙන් පාස්වී විශ්ව විද්‍යලයට යනව විට වයස අවුර්දු 20 නම් මෙම කල් යාම නිසා 27,26 වන තුරු ඔවුන්ට ශිෂ්‍යන් ලෙස ඉගෙන ගැනීමට සිදුවේ.ඔහු දෙවන සැරයේ හො 3 වන සැරයෙ සමත් සිසුවෙක් වූ විට 30,32 වෙනතුරු විශ්වවිද්‍යාලයේය.

කාලා,වානිජ උපාධි වල තවය මීට වඩා දරුණුය එම පීටවල නවක වදේ ඉතා උප‍රිමට ඇත.කිසිම දෙමාපියෙක් තම දරුවෙක් කොහෙවත් යන උන් දෙන වද විදවීමට අකමැතිය මෙම නවකවදේ නිසා විශ්ව විද්‍යාල වරම් ලැබුනත් සිසුන් රජයේ විශ්ව විද්‍යාලවල නොයයි (නමුත් වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව කොලඹ සරසවිය,මොරටුව සරසවියේ මේම තත්වය සාපෙක්ශව අඩුය)

ගැහැනු දරුවන් සිටින දෙමාපියන් මේ තත්වයෙන් තදින්ම බියවී සිටී වැඩි වයසක් යාමට කලින් විවහාය කරදිය යුතුය.අවුරුදු 30 වුපසු විවහා වීම බොහොදෙනා අකමැතිය.අනෙක නවකවදේ ගැන ඇසුවිට.එම දෙමාපියන් හට බියක් දැනීම සාධරණය මොන දෙමාපියන්ද කැමති තම දරුවා කුලියට ගත් නිවාසවල වදකාගාර වල නවක වදේ විදීමට යැවීමට.

පෙරාදෙණියේ කුලි නිවාසයේ වදකාගාරය

පසුගිය අවුරුද්දේ බොට්ටු එවීම එනම පුරප්පාඩු පිරවීම 7 සැරයකට සිදුවිය.ඒ උසස්පෙල සමත් වි විශ්විද්‍යාල වරම් ලැබු සිසුන් විශ්ව විද්‍යාලයට නොපැමිණි නිසාය.මෙලෙස විශ්ව විද්‍යාල වලට නොයන සිසුන් කරන්නේ කුමක්ද? ඔව්න් කෙලින්ම යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය.තම මව පියා රාජ්‍ය සේවකයන් නම් රැකියාවෙන් ඉවත් වී තමට ලැබෙන මුදලෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයට මුදල් ගෙවයි.නැතහොත් ඉඩම් උගස් තබා ,Student Loan ගෙන දරුවන් private university යවයි.

Private university වල රැග් නෑත.උද්ගෝශණ නැත .පිකටින් නැත.කදුලුගැස් කැමට වන්නේ නැත. උපාධිය වසර 4 යි නම් වසර 4 උපාධිය ලබාගත් හැක.කිසිම පරක්කුවීමක් නැත.private university ඉංග්‍රිසි දැනුම ඉතා හොදය(රජයේ විශ්ව විද්‍යාලවල ඉංග්‍රිස් භාශාවෙන් ඉගැන්නුවත් විශ්ව විද්‍යාලය තුල ඉංග්‍රිසියෙන් කතා කිරිම ශිෂ්‍ය සංගම් විසින් තහනම් කර ඇත)හොද සමාජ ආශ්‍ර්‍යක් ඇත.එකමුතුව වැඩකල හැක.එමනිසා පෞද්ගලික ආයතව වල Private university වල උපාධි ධරින් ගැනිමට වැඩි කැමැත්ත දක්වයි.ලක්ශ 10,15 ගියත් රස්සාව ශුවර්ය.කිසිම අවුලක් නැත.ඔබට මෙම රට අත හැර වෙන රටක යාමට අවශ්‍ය නම් පෞද්ගලික විශ්ව විද්‍යාල හරාහම එය සිදුකර ගැනිමේ හැකියාවක් දැන් ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාල වල සිසුන්

දැන් සිතා බලන්න රජයේ විශ්ව විද්‍යාලය අත ඇර Private university ගියේ රජයේ විශ්ව විද්‍යාලය ඇති අවුල් වියවුල් වූ තත්වය නිසාය එම තත්වයන් ඇති ක‍රන ලද්දේ ශිෂ්‍ය සංගම් වේ.මෙම ශිෂ්‍ය සංගම් නිසා වාසිය සිදුවූයේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලටය.ලක්ෂ 10,15 එක සිසුවෙකුගෙන් ලැබුනේ Private university වලට ලැබුනේ ශිෂ්‍ය සංගම් වල කෙරුවාව නිසාය.

අනෙක් අතර අංතරේ කරන නිදහස් අධ්‍යාපනය බෙරා ගන්නා සටන් වල මුදල් ලබාදෙනේ කවුද?ඔබ කොළඹට එන විට කොපමණ පොස්ටර් ප්‍රමාණක් දකිනවාද? එක පොස්ටරයක් ප්‍රින්ට් කර ගැසිමට රුපියල් 1 යනවා නම් ඔව්න් පොස්ටර් වලට කි කෝටියක් වියදම් කරනවද?

සටන් පාඨ සහිත පොස්ටර්

අංතරේ සිටිනේ ව්‍යාපාරිකයන් නොවේ සිසුන්‍ ය. ඔවුන්ට එපමණ මුදලක් කොහෙන්ද? ඔබට මතකද නුවර සිට පාගමනක් සයිටම් වැසීමට පැමිණියාය.එම පාගමණය ඔවුන් කොපමණ මුදල් වියදම් කර ඇතැයි දැයි ඔබ සිතන්නේද? නුවර සිට පාගමනින් එනවිට ජලය දිය යුතුය .5000 පමණ පිරිසකට ජල බෝතල් දීමට කොපමණැ මුදල් කොපමණ අවශ්‍යද? ඔව්න්ට ආහාර දීමට කොපමණැ මුදලක් යයිද ?
එකම වර්ගයේ සටන් පාඨ සහිත ටීශර්ට් සහා තොප්පි ලබාදීමට..ප්‍රවාහන පහසුකම් ලබා ගැනිමට කොපමණ මුදලක් අවශ්‍යවේද? අඩුම තරමින් එම පාගමනට ලක්ෂ 20 වත් වියදම් වන්නට ඇත.

 

මහජනයා දැනුවත් කිම්මට ඔවුන් කොපමණ අත් පත්‍රිකා බෙදනවාද? අඩුතරමින් තරමින් එක දිනකට අත්පත්‍රිකා ලක්ෂයක් පමණ බෙදා හරි මේවා මුද්‍රණය මුදල් කොමපණ වැයවෙනවාද? කවුද මුදල් ලබාදෙන්නේ? දේශපාලන පක්ෂයකටවත් කිර්මට නොහැකි දේවල් ඔවුන් කරයි .එවාට මුදල් මිලියන ගණනින් අවශ්‍යවේ මෙවට මුදල් එන විදිහ ඉතාමත් සැක සහිතය.

ඒකම වර්ගයේ ටීශර්ට් ඇදන් ඉන්නා සිසුන්

ඔවුන් ගසන වේදිකා ඒවට අවශ්‍ය උපකරණ නිකන් ලැබෙන්නේ නැත. ඔවුන් මුදල් සපයාගන්නේ කෙසේද? ඔව්න් මේ සියල්ල කරන්නෙ හොලවමින් එන කැට වලින්ද? එසෙ සිතනවානම් එය විහිලුවකි.මේ සයිටම් ගැටලුවට පමණක් අංතරේ අවමය මිලියන 10 වත් වියදම් කර ඇතුවාට සැක නැත.

වෙදිකා නිර්මාණය

අනෙක් අතර හිරේ යන පිරිස්, ඔවුන් බේරා ගැනීමට ඇපමුදල් බැදීමට කරනේ ඔවුන්මය ඒවට මුදල් කොහෙන්ද? නඩුගාස්තු ගෙවන්නේ කවුද? මෙම අධ්‍යාපණය රැකගන්න දගලන උදවියගේ පිටුපස සිට මුදල් දී ඔවුන් පෝශණය කරන පිරිස් ගැන රජය අවධණය යොමුකල යුතුවේ.සමහර විට පෞද්ගලික විශ්ව විද්‍යලින්ම මොවුන්ට මුදල් ලබාදෙනවාද විය හැක.රජයේ විශ්ව විද්‍යාලවල අවුල් ඇතිවූ විට එහි වාසිය ඇත්තේ කාටද බව කටත් තේරෙන කරුණැකි…සංවාදයට විවෘත්තයි……..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...