Entertainment 

තම ගුරුවරයට නත්තලට තැගි දීමට කිසිවක් නොතිබූ දුප්පත් දරුවෙකු ගුරුවරයාට දුන් අපූරූ තැග්ග

Reading Time: 1 minute

‌ඇමරිකාවේ වොශින්ටන් නුවරින් නත්තල් සමයේ අපූරු පුවතක් වර්ථවනවා. වොෂින්ටන් ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක සේවය කරනා ගුරුවරයෙකු වන 
Rachel Uretsky-Pratt හට තම සිසුවෙකුගෙන් අපූරු තැග්ගක් නත්තලට ලැබි තිබෙනවා.


අපූරු ධන්‍ය තැග්ග ලැබූ  Rachel Uretsky-Pratt ගුරුවරිය |(Photo credit:Rachel Uretsky-Pratt)

රේචර් පවසන ලෙස සාමන්‍යයෙන් නත්තල් නිවාඩුවට පාසල් නිවාඩු දීමට පෙර සිසුන් තම පාසලේ ගුරුවරුන් හට කුඩා නත්තල් තැගි ගෙන විත් දෙන බව පවසනවා.සාමන්‍ය යෙන් චොක්ලට්,පොත්,ආභරණ,නත්තල් සුභපැතුම්පත් වැනි තැගියි .

රේචල් හට ලබාදුන් තැග්ග|((Photo: Photo courtesy Rachel Uretsky-Pratt)

කෙසේ නමුත් පසුගිය බදාදා නත්තල් නිවාඩුවට පෙර දිනයේ රේචල් හට අමුතු තැග්ගක් සිසුවෙකු ලැජ්ජාශීලි ලෙස දෙනු ලැබුවා.ඒ කිසිවක් නොව ඉටි බැගයකට දැමු පාට කරන ලද සීරියල්  ආහරයක් වන Lucky Charm marshmallows කිහිපයක්.

‍රේචල් පවසන ලෙස එම තැග්ග දුන් දරුවා ඉතාමත් දුප්පත් දරුවෙකු බවයි ඔහුට තම ගුරුවරයට තැග්ගක් ලෙස දීමට කිසිවක් නොවූ අතර එම දරුවා පාසලෙන් ලබාදෙන උදේ ආහාර වේලේ ඇති Lucky Charm marshmallows වල වර්ණවත් කොටස් ගෙන එවා ඉටි උරයක දමා  තම ගුරුවරයාට ලබාදී ඇත.


(Photo credit: Twitter/Lucky Charms)

‌ එම පාසල මගින් පාසලේ ළමයින් හට උදේ අහරය සහ දහවල් ආහරය ලබාදෙයි.රේචල් පවසන ලෙස තැගි  අරන් දීමට මුදල් නොතිබුණත් එම සිසුවාට ඉතා වටිනා හදවතක් ඇති බවයි.ඇය මේ පිලිබඳ සදහන් කර දැමූ ෆේස්බුක් පොස්ට් එක මේවන විට ලොකයේ ඉතාමත්ම ජනප්‍රියවී පවතිනවා. ලක්ෂකට අදීක ප්‍රමාණයක් එම පෝස්ට් එකට ලයික් කර ඇති අතර දහාටදාහක් පමන එම දරුවාගේ ක්‍රියාව අගේකරමින් කොමෙන්ට් කර තිබෙනවා.

source:Rachel Uretsky-Pratt facebook post,abc7ny.com

cover image credit:Rachel Uretsky-Pratt 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...