Political 

එක්සත් ජාතික පක්ශය සංවිධනය කල යුක්තියේ ජයග්‍රහණය රැලියේ නොදුටු දසුන්(ඡයාරුප සහිතයි)

Reading Time: 2 minutes

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ විජයග්‍රහණය සැමරුම් රැළිය අද (17) සවස කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී පැවත්විණි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්, පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටි සෙසු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ. 

ගින්දර මැද තියෙන්නේ තාච්චිය. ආප්පය නෙවෙයි. ගින්දරට මුහුණ දෙන්නේ තාච්චිය. ප්‍රජාතන්ත්‍රවාදී ගින්නට අපි මුහුණ දුන්නා. ඒ ගින්න පාලනය කළා. ගින්න නිමන්න අපි දැම්මේ ජනතා පරමාධිපත්‍යය කියන ජලය.”

එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ‘යුක්තියේ විජයග්‍රහණය’ නමින් සඳුදා (දෙසැ 17) කොළඹ ගාළු මුවදොර පිටියේ සංවිධානය කළ ජන රැළිය ඇමතීම ආරම්භ කළේ එලෙසිනි.

ජනාධිපති සිරිසේන ආප්පය ලෙසත් තමන් ආප්පය පිච්චූ තාච්චිය ලෙසත් හැඟෙන පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ මින් පෙර අදහස් දක්වා තිබුණි. අගමැතිවරයා ගාළු මුවදොර පිටියේ රැස්ව සිටි දහස් ගණනක්වූ තම පාක්ෂිකයන් ඇමතුවේ ඊට තවත් අදහසක් එක්කරමිනි.

“මහින්ද රාජපක්ෂ ඇයි තමන්ගේ සුළුතර ආණ්ඩුව ඇති කළේ කියලා කිව්වම මට මතක් වුණේ හිට්ලර් ගැන. හිට්ලරුත් බලයට ආවේ සුළුතර ආණ්ඩුවකින්. කිසි දවසක බහුතරයක් තිබුණේ නැහැ. ඒ සුළුතර ආණ්ඩුවෙන් ඒකාධිපතිවාදයක් ඇති කරලා මිලියන 10ක් මරලා දැම්මා. ලෝක යුද්ධය ඇතිකරා. හිට්ලර් ලෝක යුද්ධයෙන් පස්සේ ජීවත්වුණා නම් එයා ඇමරිකන් අයටයි රුසියන් අයටයි කියනවා, මට ඕන වුනේ මහ මැති වරණයක් විතරයි කියලා.”

සේයා රූ – අජිත් සෙනෙවිරත්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...