Political 

එකසත් ජාතික පක්ශෙට එකතුවන්න නිදහස් පක්ශ මන්ත්‍රින් පොලිමේ

Reading Time: 1 minute

අද දින රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පොරකමින් සිටින බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.  

සම්මුති ආණ්ඩුවක් නොමැති අවස්ථාවක  ජනපති යෙදූ උපායමාර්ගික පෙරළිය අසාර්ථක වූ අවස්ථාවක ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප සභාපති ධූරයේ දරමින් සිටියදීම ඔහු ඉදිරියේ එජාපය යටතේ ඇමති ධූර ලබාගැනීම කෙතරම් දුරට සදාචාරවත්ද යන ගැටලුකාරී තත්වය මෙහිදී මතුවන නමුත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අයට   ඒසඳහා ජනපති අනුමැතිය දුන්නැයි ආරංචි පවතී.

එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටවනු ලබන නව ආණ්ඩුවට එක්වීමට ඕනෑම අයෙකුට නිදහස තිබෙන බව ජනාධිපතිවරයා ඔවුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති බවටද ඔවුන්ට එරෙහිව විනය පියවර ද නොගන්නා බවට ප්‍රකාශ කළ බවටද වාර්තා පළව තිබේ.

මේ අනුව එජාපයට එක්වීමට මුලින් වාර්තා වූ නම් අතර දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද අමරවීර යන නම් තිබුණ අතර ඔවුනට අමතරව ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක ,අංගජන් රාමනාදන්, ෆයිසර් මුස්තාෆා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත‍්‍රීවරුන් ද සිටින බවට දැන් වාර්තා පළවේ.

මේ අය ඇමති ධූර ලබාගැනීමට කැමති වුවත් හෙට පිහිටුවන එජාප ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් නොවීම මත පෙර පැවති තරම් විශාල ඇමති ධූර සංඛ්‍යාවක් යළි ලබාදෙන්නට හැකියාවක් නැත. 19 වන සංශෝධනය ප්‍රකාරව ව්‍යවස්තාව

අනුව ලබාදිය හැකි කැබිනට් ඇමති ධූර ගණන 30 කට හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධූර ගණන 45 කට සීමාවේ.ඉදිරියේදී විපක්ෂයේ  බලය පිහිටුවීමට බලාපොරොත්තු වන මහින්ද රාජපක්ෂ කඳවුරින් මිදී මේ ආකාරයට එක්වන පිරිස ආණ්ඩුව තෝරාගන්නේ හුදෙක් බල තණ්හාව නිසා බවට විවේචනයක්ද මතුව තිබේ.

පෙර පැවති ආකාරයේ හවුල් ආණ්ඩුවක් නොමැති නිසාත් පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ සන්ධාන සහායේ උවමනාවක්ද නොමැති නිසාත් මේ තරම් පිරිසක් ඇමතිවරු ලෙස බඳවා ගැනීම නොකළ යුතු බවට එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ අතර පෙන්වා දී තිබේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...