Political 

රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා අගමැතිලෙස දිවුරුම් දෙන ලකුණු

Reading Time: 1 minute

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයිද පැවැසේ.

නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද ඇතුළත්වන අතර කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ලබාදීමට එඟතාවය පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...