Entertainment 

අපේ දේශිය ක්‍රමය ඊයේ අහපු නඩුව ඇහුව නම් නඩුව අහන විදිහ

Reading Time: 1 minute

අපේ රටේ පෙර පැවති අධිකරණ ක්‍රමය අනුව ව්‍යවස්තාව උල්ලංගනය වන හෝ නවන බව සොයනා ආකරය ගැන Damith Kethaka මහතා පලකර ලිපියක්

දැන් මේ තියෙන අධිකරණ ක්‍රමය විජාතිකයිලු….සුද්දගෙ නීතියලු ….අපේ දේශීය ක්‍රමයක් හොයා ගන්න ඕනලු……සමහර අය ඔහොම කියනවනෙ…..සුද්දෝ එන්නට පෙර පැවති දේශීය ක්‍රමයේ අධිකරණයක් මඟින් ඊයේ විභාග කෙරුණු නඩුව ඇසිය හැකි ආකාර –

“තැම්බුවේ ලෑම” – ව්‍යවස්ථාව රත්වී නටන තෙල් තාච්චියක ඔබා, එය පිළිස්සී ඇඹරී ගියහොත්, කරන ලද ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව නිර්ණය කිරීම සහ නොපිළිස්සී සුදට සුදේ බැබලෙමින් තිබුණොත්, එම ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බව නිර්ණය කිරීම

රාජසිංහ රජුගේ අධිකරණය (© Prasanna Weerakkody)

අලුත් නුවර දේවාලයේ මිදුලේ කිරි ගසක අත්තකට තබා ව්‍යවස්ථාව ගැට ගසා, එය සුදු රෙද්දකින් වසා, අලුත් නුවර දැඩිමුණ්ඩ හෙවත් බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට, යටිනුවර දොඩම්වෙල දේවාලයේ නාහාමි දෙවියන්ට, සොරගුණේ දේවාලයේ කඩවර දෙවියන්ට තුන් වරුවක් පේවී කන්නලව් කර, පොරවකින් කිරි ගසේ අත්ත මඳක් ඉහළින් තරමක් කැපූ විට, ගලා එන කිරි වලින් ව්‍යවස්ථාව පෙඟී ගියහොත් සිදු කරන ලද ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, කොතරම් කිරි ගැලුවත් ව්‍යවස්ථාව පෙඟී නොයයි නම් කරන ලද ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බවත් නිර්ණය කිරීම…..

මහවැලි ගඟේ ඉවුරේ රැ‍යක් පහන් වනතුරු නායක්කම නටා, කාරිය කරවන ලවා ව්‍යවස්ථාව උඩු පිහිලි සාදන උණ බම්බුවක් ගෙන, දෙකට පලා, උඩ පලුවට මතුරා, එය මත තබා ගඟට දැමීම…..ව්‍යවස්ථාව නිරුපද්‍රිතව ගඟේ පාවෙයි නම් සිදු කරන ලද ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල අතර, ක්‍රියාව ව්‍යවස්ථා විරෝධියි නම් පිහිලි බම්බුව දියේ ගිලී ව්‍යවස්ථාව අතුරු දහන් වෙයි…..

cover image:ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධිකරණය (© Prasanna Weerakkody),http://lankapura.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...