Local 

ජනාදිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථාවිරෝධි බව අධිකරණය ප්‍රකාශකරයි!

Reading Time: 1 minute

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මින් මොහොතකට පෙර ඒකමතිකව තීන්දු කළේය.බ්‍රහස්පතින්දා සවස හතරට තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණ ද, විනිසුරු මඬුල්ල අසුන් ගත්තේ සවස පහට පමණය.

 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධ පෙත්සම් විභාගය අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 4 වනදා සිට 7 වනදා දක්වා පැවත්විණි.බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි විශාලම නඩු ශාලාව වන අධිකරණ ශාලා 502 දී ප්‍රකාශ කළ තීන්දුව දැක බලා ගැනීම පිණිස නීති විශාරදයින්, දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ.

image&video credit :facebook.com/apiunp

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...