Lates 

අධිකරණය අවට දැඩි ආරක්ශාවක් තින්දුව දීමට නියමිතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව බ්‍රහස්පතින්දා (දෙසැ 13) පස්වරු 4.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ආධිකටණැ භූමියට දැඩි ආරක්ශාවක් |@bbc.com

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණය සහ ඒ අවට ආරක්ෂාව මේ වනවිට තර කර තිබේ.එමෙන්ම දේශපාලන පක්ෂ සාමාජිකයන් සහ නායකයන් ද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ රැඳී සිටිනු දැකගත හැක.

අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද ආබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධ පෙත්සම් විභාගය පසුගිය 07 වන දා අවසන් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම දෙසැම්බර් 13 දක්වා කල් තැබීය.

cover image credit :gettyimage.com/ishara s kodikari

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...