Foreign Technology 

ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික් නගරය

අප අසල් වැසි ඉන්දියාවේ තොරතුරු තාක්ෂණයටම වෙන්වූ නගරයක් ඇති බව.Electronic City යන නමින් හඳුන්වන මෙම බැංගලෝරයේ පිහිටා ඇත.එය ඉන්දියාවේ ඇති ඇති විශාලම කර්මාන්ත උද්‍යානවලින් එකකි.(ඉන්දියාවේ කර්මාන්ත උද්‍යාන කියලා එකකුත් තියනවා )වර්ග කිලෝමිටර් 3.2 පුරා විහිදී ඇති මෙම ප්‍රදේශයේ ලොකේ සුප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික ආයත රැසක් ඇත.

Electronic City

 

මෙය 1981 වසරේදී රාම ක්‍රිෂ්ණන් බාලිගා නම් විද්වතාගේ අදහසක් අනුව ඇතිකරන ලද ප්‍රදේශයක් වේ. ඇමරිකාවේ Silicon Valley ඉලෙක්ට්‍රොනික පුරය ලෙස ඉන්දියාවේ ක්‍රියා කරන්නේ Electronic City පුරවරය වේ.

මෙහි මුල්ම අදහස 1981 ඉන්දියාවට හදුන්වා දුන්නත් මෙය ක්‍රියාත්ම වුනේ මනමෝහන් සිං අගමැතිවරයා සහා ජනාධිපති වූ අබ්දුල් කාලාම් මහතාගේ කාලයෙදීය.මෙම නගරයට පිවිසීමට 9.9Km දුරති වෙනම අධිවේගී මා‍ර්ගයක් ඇත.

මෙහි ජාත්‍යන්තර සමාගම් 58 සහා දේශිය සමාගම් 239 ඇත.ඒ අතර General Electric,Google,Microsoft ,Yahoo,orecal,DXC Technology,Airpush,IGATE වැනි IT ලෝකයේ දැවැන්ත සමාගම් ඇත .

Google India ආයතනය

 

Google ආයතනයේ ඇතුලත

 

Microsoft ආයතනය

එමෙන්ම ඉන්දියානු සමගම් 256 ද පිහිටා ඇත.Tech Mahindra,3M India,Schneider Electric,Microland,Inforsy වැනි ප්‍රසිද්ඪ්හ ආයතනද පවති.

inforsy ආයතනය

මේ වනවිට මෙකී කාර්මික ජනපදයේ 112,000 පමණ පිරිසක් සේවයේ නියුතුව සිටින අතර, ඔවුන්ගේ 92,000 පමණ වෘත්තික මට්ටමේ අධ්‍යාපනය ලබා ගත් අය වෙති.
අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ඉලෙක්ට්‍රොනික් සිටි ව්‍යාපෘතියට තව අදියර පහක් එක් කිරීමට සූදානම් වෙමින් සිටියි….ඒ අනුව පස්වන අදියරේ වැඩ අවසන් වන විට මෙම ජනපදය අක්කර 3,200 ක පමණ වපසරියක පැතිරෙනු ඇති අතර, එහි එක් ඇතුළු වීමක සිට, අනෙක් ඇතුළුවීමට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 12 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ…..සමස්ථ ව්‍යාපෘතියම අවසන් වූ පසුව මෙම ස්ථානය ඉංජිනේරු වෘත්තිකයන් 513,000 රැකියා සපයනු ඇතැයි ගණන් බලා තිබේ.

අපේ අසල් වැසි රට එලෙස දියුණුවෙනකොට අප මෙලෙස ගහමරා ගනිමින් සිටීම දුකට කාරණයකි.අපගේ රටේද තොරතුරු තාක්ෂණය කර්මාන්ත්යක් ලෙස වැඩෙමින් පවතින අතර නමුති ශ්‍රමය ලබාගැනිමේ ආකරය යම් ගැටලුවක්ව පවති.

මූලාශ -Wikipidai
Damith Kethaka

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...