Local 

අගමැති රනිල්ම පමණයි එකසත්ජාතික පෙරමුණ ජනපතිට නිලවශයෙන්දන්වයි

Reading Time: 1 minute

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් නැවතවරක් එළැඹෙන 02 දා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබේ. මෙම සාකච්ඡාවට මත්තෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පැවැත්වීය.

@ada.lk

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය පිහිටුවිම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බව සඳහන් කළේය.

@ada.lk

cove image credit :facebook.com/unPofficialpage

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...