Local 

කතානයක හා ජනපති අතර හමුවක් TNA සහය රනිල් වික්‍රමසිංහට

Reading Time: 1 minute

කථානායක කරූ ජයසූරිය මහතා හා ජනාධිපතිවරයා අතර අද (29) පස්වරුවේ හමුවක් පැවැත්වුණා.ඒ රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරිමටයි.කෙසේ වෙතත් එම හමුවෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කථානායක කාර්යාලය පවස්නනේ කරූ ජයසූරිය මහතා පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවයි

මේ වන විට රටේ සෑම අංශයක්ම අස්ථාවරව පවතින බවත්, රුපියල අවප්‍රමාණය වීම, අයෝජන හා සංචාරක කාර්මාන්තය කඩා වැටීම තවදුරටත් රටට දරාගැනීමට අපහසු බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමකට පැමිණිය යුතු බවටත් කථානායකවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

Ranil wickramasinghe|@The Indian Express

එසේම එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සදහා සිය සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට අද (29) දැනුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 14 දෙනෙකු අත්සන් තබා ඇති ලිපියකින්

Ranil wickramasinghe and his supporters at TempleStreet| @aljazeera.com

ඔක්තෝම්බර් මස 26 වනදා පත් කෙරුණු අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තමන්ට ඇතැයි සනාථ කිරීමට අපොහොසත් වී ඇතැයි මෙමගින් පෙන්වා දී තිබෙනවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාද සම්මත වී ඇති බවයි දෙමළ ජාතික සන්ධානය සිහිපත් කරන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් තැනැත්තෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතු බවද එවැනි හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයෙකුට බවද මෙම ලිපියෙන් ඔවුන් අවධාරණය කර තිබෙනවා

image creadit:aljazeera.com,he Indian Express
source:nethnews.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...