Local 

රටේ ඇති කළ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනපති ජාතියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ

Reading Time: < 1 minute

දෙවන ධුර කාලය සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ඇති කළ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඒ මහතා ජාතියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.පාර්ලිමේන්තුව තුළ පිළිකාවක් වන් මන්ත්‍රීවරුන් පිරිසක් බිහිවී ඇති බවත් ඔවුන් එකිනෙකාගේ වාර්තා කඩමින් දෙපැත්තට පනින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ නම කෙළසමින් ජනාධිපතිවරයා කළ කුමන්ත්‍රණය “ඩීල්” මගින් විසඳා ගැනීම නොව ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රටට කළ සම්පූර්ණ හානිය ගණන් බලා එය ඔවුන්ගෙන් අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවයි බිමල් රත්නායක මහතා අවධාරණය කළේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...