BreakingNews Local Political 

‍රවිකරුණානයක මහතා ඉල්ලා අස්වේ

හිටපු මුදල් අමාත්‍යවරයා නොහොත් වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මුලික කරගෙන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමේදී මතුවූ කරුණු කිහිපයක් පදනම් කරගනිමිනි ඔහු සම්බන්ධව පසුගියදා වාද විවාධ රැසක් සිදු විය.

බැදුම්කර කොමිසමට තම සක්කි ඉදිරිපත්කල රවිකරුණානයක

අද (අගෝස්තු 10) දහවල් 1ට එතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමන් දරන විදේශ අමාත්‍යය ධුරයෙන් ඉවත් වන බවයි.

මෙලෙස රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමට සිදු වී ඇත්තේ බැදුම්කර සිදුවීමට ඔහුද සම්බන්ධ බවට පරීක්ෂණ සිදු කිරීම හේතුවෙනි.රවී කරුණානායක මහතා ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග පැවති සකාච්ජාවෙන් පසු මෙම තීන්දුවට එළබි ඇත්තේ කොන්දේසි පහක් මතය.

ජනාධිපති තුමන්ට මුලින්ම මේ බව සඳහන් කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය රාජිත සේනාරත්න සිටින අවස්ථාවේදී පසුගිය බදාදා රවී කරුණානායක තමන්ගේ එල්ලා අස්වීමේ ලිපය බාරදුන් බව ආරංචි වේ. අග්‍රාමාත්‍ය වරයා පැවසුවේ මෙය යහපානය බවත්, පසුගිය ආණ්ඩු සමයේ මෙවැනි දේවල් සිදු නොවුන බවත්ය.

තමන් ඉල්ලා අස්වෙන්නේ දුකෙන් නොව ආඩම්බරයෙන් බව එතුමා පවසයි. එතුමා මෙම තීරණය ගත්තේ තමන් වෙනුවෙන් චන්දය භාවිතා කල පාක්ෂිකයන් වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් හා රට වෙනුවෙන් බව තවදුරත් අදහස් දක්වමින් පවසා සිටියේය.

සිය කාර්ය මණ්ඩලය තවදුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03කින් අවසන් කිරීම ද එම කොන්දේසි අතරට ඇතුළත් බව එම ආරංචි මාර්ග පවසයි

 
තමන්ට චෝදනාවක් එල්ල වූ විට තමා වැරදි කරුවා වුනත් නැතත් සාධාරණ පරීක්ෂණයකට මග පාදමින් තම ධුරයෙන් ඉල්ලා අස්වීම පැසසිය යුතු කරුණකි.මීට කලින් සිටි සම-හරක් පාලකයන් වෙත දූෂණ චොදනා එල්ල කල විට පැවසුවේ මේවා කුමණ්ත්‍රණ බවය.නැතහොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ බවය.මිලියන ගණන් හොරකම් කර කොමිසම් ඉදිරියට යනවිට ඔවුන් පැවසූවේ රණවිරුවන් දඩයම් කරන බවය.හීනෙවත් යුධ භූමියකට පය නොතබපු හොරුන් තම ගැලවීම සදහා එසේ කියන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන රවිකරුණානයක මහතා ඉල්ලා අස්වීම ගරුකල යුතු කරුණැකි…..👍👍👍👍👍

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...