Political 

රුසියාව බලය පෙන්වීමට ගියොත් පූටින් සමග සාකච්ඡා නෑ – ට්‍රම්ප්

Reading Time: 1 minute

රුසියාව හා යුක්රේනය අතර මහ සයුරේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග රුසියානු ජනපති ව්ලඩිමීර් පූටින් සමග පැවැත්වීමට සැලසුම් කළ හමුව අවලංගු කිරීමට සිදුවිය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගිය ඉරිදා දිනයේදී රුසියානුවන් විසින් වෙඩි තැබීමක්ද සිදුකරමින් යුක්රේනයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා දෙකක් සහ ටග් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තුවෙන් තමන් පසුවන බව ට්‍රම්ප් විසින් ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පතට පවසා ඇත.

රුසියාවේ මෙම ක්‍රියාවට ප්‍රතිචාරයක් ලෙස යුක්රේනය විසින් එරට ඇතැම් ප්‍රදේශ වෙත හමුදා නීතිය පමුණුවා ඇති අතර, යුක්රේනය වෙත වැඩි සහායක් ලබාදීමට කටයුතු කරන ලෙස ඇමෙරිකාව විසින් යුරෝපා රාජ්‍යයන්ගෙන්ද ඉල්ලීමක් කර තිබේ.මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක හීදර් නෝර්ට් පවසා සිටියේ මෙම සිදුවීමෙන් පසුව රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...